මාසයක කාලයක් අලි සබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය සඳහා අත්හිටුවයි!

0
579

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 06 , කොළඹ (LNW): අද සිට මාස 01ක කාලයක්, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය සඳහා අත්හිටුවා තිබේ.

ඒ රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධව බව පැවසේ.

කථානායකවරයා දැනුම් දුන්නේ, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.

කථානායකවරයා විසින් අවවාද කර සිටියේ, මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසයි.