ප්‍රියන්ත කුමාර ඝාතනය: සැකකරුවන් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

Date:

පකිස්තානයේ සියල්කොට් හි සිටි ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 89 දෙනෙකුට එරෙහිව ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

ගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණ විනිසුරු නතාෂා නසීම් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ බව පකිස්තාන ජියෝ නිව්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ඝාතන නඩුවේ චූදිතයන් වූ වැඩිහිටි හා බාලවයස්කාර පුද්ගලයන්ට එරෙහිව වෙනම නඩු ගොනුකර ඇති අතර, සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන වැඩිහිටි පුද්ගලයන් 80 දෙනෙකුට පළමු චෝදනා පත්‍රය ද, තවත් බාලවයස්කාර චූදිතයන් 09 දෙනෙකුට එරෙහිව දෙවෙන චෝදනා පත්‍රය ද ගොනුකර තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 40 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගත් අතර, අදාළ ඝාතනයේ වීඩියෝ දර්ශන, ඩිජිටල් සාක්ෂි, ඩීඑන්ඒ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය සාක්ෂි ඇතුළත් ය.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු හෙට (14) දිනයේ අධිකරණයට කැඳවා ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...