හොංකොං හි කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගිහිං – අවදානම නිසා චීනයට අයත් අසල්වැසි ෂෙන්සෙන් නගරය අගුළු දමයි!

Date:

හොංකොං නගරයේ මතුව ඇති ඉහළ ගිය කොවිඩ් අවදානමක් මැද චීනයේ ෂෙන්සෙන් නගරය අගුළු දමා ඇති බව වාර්තා වේ.

මිලියන 17.5 ක පමණ ජනතාවක් ජීවත් වන චීන ෂෙන්සෙන් නගරය හොංකොං නගරයට ආසන්නයේ පිහිටා තිබීම නිසායි මෙම පියවර ගෙන තිබෙන්නේ.

මතුව ඇති තත්ත්වය මත, ෂෙන්සෙන් නගරයේ ව්‍යාපාර කලාපයේ සෑම වෘත්තිකයකුම කොවිඩ් පරීක්ෂා වට තුනකට යටත් කිරීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම, අත්‍යාවශ්‍ය ආහාර සපයන වෙළඳසල් හැරුණු විට සියළු ව්‍යාපාර ස්ථාන වසා දමා නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් ලබා දී තිබේ.

හොංකොං නගරයේ මතුව ඇති මෙම කොවිඩ් අවදානම මත තිස් දෙදහසකට ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් එක් දිනක් තුළ වාර්තා වී තිබේ.

මේ අතර, ෂෙන්සෙන් නගරයේ ප්‍රවාහන සේවා ද සීමා කර ඇති බව සඳහන්. බස්රථ සේවා භාවිතා කරන සෑම දෙනෙකු සතුවම කොවිඩ් ආසාදිත නොමැති බවට තහවුරු කළ වාර්තා අතැති විය යුතුය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...