NSBM සඳහා නව වෛද්‍ය පීඨයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW):වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමේ අපේක්ෂාවෙන්, රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.

හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...