රුසියානු ප්‍රහාරවලින් ඇමරිකානු මාධ්‍යවේදියෙක් මිය ගිහින්

Date:

රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු මාධ්‍යවේදියෙකු මියගොස් තිබෙනවා. යුක්රේනයේ කිව් අගනුවර ආසන්න ඉර්පින් නගරයේදී රුසියානු හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙය යුක්රේන සටන් භූමිය තුළ විදෙස් මාධ්‍යවේදියෙකු මියගිය පළමු අවස්ථාව ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මියගොස් තිබෙන්නේ 50 හැවිරිදි බ්‍රෙන්ට් රෙනෝඩ් නමැති පුද්ගලයෙකි. ඔහු යුද පුවත් වාර්තාකරණයේ විශේෂඥ මාධ්‍යවේදියෙකු වන අතර මීට පෙර ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය යන රටවලද යුද පුවත් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු යුද පුවත් වාර්තාකරණය සම්බ්නධයෙන් සම්මානයටද පාත්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රෙන්ට් සිය සගයා සමග රුසියානු-යුක්රේන හමුදා සෘජුවම සටන් වදින ප්‍රදේශවල ජනතාවගේ දුක් පීඩා පිළිබඳව වාර්තා කරමින් සිටියදී ඔහුගේ ගෙල ප්‍රදේශයට රුසියානු හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරයක් වැදී තිබෙනවා. බ්‍රෙන්ට් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර ඔහුගේ සගයා වූ 45 හැවිරිදි ජුවාන් මේ වනවිට යුක්රේනයේ ආරක්ෂිත රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර මේ වනවිට දින 19 ක් ගත වී ඇති අතර රුසියාව දිනෙන් දිනම ගුවන් ප්‍රහාර දැඩි කරමින් සිටිනවා. මේ වනවිටත් කිව් අගනුවර ආසන්නයේ විශාල රුසියානු සෙබලුන් පිරිසක් රැඳී සිටින අතර තවත් නගර රැසකම දරුණු සටන් ඇවිලෙමින් තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...