*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

යළිත් භාණ්ඩ මිල වැඩිවීමක් අතලඟ – IMF උපදෙස් මත වැට් ඒක 15% ක් දක්වා වැඩිවන ලකුණු !

රට මුහණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ සහ දිනෙන් දිනම රුපියල අවප්‍රමාණය වීම මත මේ වනවිට අත්‍යවශය හා අත්‍යවශ්‍ය නොවන සියලු කාණ්ඩවල භාණ්ඩ මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. වෙනදා ඉතා සීමිත අගයකින් ඉහළ ගිය භාණ්ඩවල මිල මේ වනවිට එකවරම 25% කින් 50% කින් ඉහළ යන අවස්ථා පිළිබඳවද වාර්තා වේ.

මේ අතර වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව 2019 දෙසැම්බර් මාසයේදී 08% ක් දක්වා අවම කළ එකතු කළ අගය මත බද්ද හෙවත් VAT යළිත් 15 ක් දක්වා ඉහළ දැමීමට සූදානම් වන බවද වාර්තා වේ. එසේ වුවහොත් භාණ්ඩ මිල යළිත් වටයකින් ඉහළ යනු ඇත.

මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ නි‌යෝජිතයන් දෙදෙනෙකු මෙරටට පැමිණ සිටින අතර අර්බුදයනේ ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට, ඔවුන් විසින් කොන්දේසි රැසක් ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ පළමු හා ප්‍රධානතම කොන්දේසිය වන්නේ 15% සිට 08% දක්වා අඩුකළ භාණ්ඩ හා සේවා බද්ද යළිත් 15% දක්වා ඉහළ දැමීමයි. මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නම් මෙම කොන්දේසියට එකඟ වීම අනිවාර්ය වනු ඇත.

සංචාරක ක්ෂේත්‍රයට අදාල සියලු සේවා වැට් බද්දෙන් නිදහස් කිරීමට 2019 දී තීරණය කළ අතර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එම නිදහස් කිරීමද යළිත් හකුළා ගැනීමට සිදුවනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan