රුසියානු ආක්‍රමණය මැද යුක්‍රේනයෙන් මිලියන දෙකකට අධික ජනතාවක් පලා යයි

Date:

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට මිලියන දෙකකට අධික ජනතාවක් යුක්‍රේනයෙන් අසල්වැසි රටවලට පලාගොස් තිබේ.

යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය 19 වැනි දිනටත් ක්‍රියාත්මක වන විට සරණාගතයින් ලෙස පිරිස් ස්ලෝවැකියාවටත් පලා යමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර යුක්රෙනයේ අගනුවර වන කිවි නුවර ඇන්ටනොව් ගුවන් තොටුපොළට ද රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර එම ගුවන් තිටුපොළ එරට වැදගත්ම භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපොළක් වන අතර ප්‍රධාන ගුවන හමුදා කඳවුරක් ද වන බව සඳහන්.

එමෙන්ම යුක්‍රේනය ද සිය හමුදා මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් තිබෙන අතර ගෙවුණු පැය 24ක කාලය තුළ රුසියාවට අයත් ගුවන් යානා හතරක්, හෙලිකොප්ටර් තුනක් සහ මිනිසුන් රහිත ගුවන් යානා කිහිපයක් සාර්ථක ලෙස බිම හෙළූ බව බව පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...