අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ – චොකා මල්ලිගේ සහායත් ජනපති රනිල්ට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළහොත් තමන්ට පක්ෂය ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් වරාය හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී පවසයි.

“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රේමලාල් ජයසේකර යනු 2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි එජාප ආධාරකරුවන් පිරිසකට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2020 වසරේදී රත්නපුර මහාධිකරණයෙන් මරණීය දඬුවම නියම වී පසුව 2022 වසරේදී අභියාචනාධිකරණයෙන් නිදහස් වූ අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...

පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය...

වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!

අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව...