අපි ඉන්දියාවේ කොටසක්ද ?

”අපි ඉන්දියාවේ කොටසක්” (We are a part of India) කියල කවුරුහරි කෙනෙක් කියපුවම අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නේ ඇත්තටම අපේ අවිඥාණයේ එහෙම එකක් වැඩකරනවා කියන එක. ඒ කියන්නේ ඒක අපිට ලෙහෙසියෙන් අමතක කරලා දාන්න බැරිතරම් බරපතල දෙයක් කියන එක.

අපි ඇත්තටම මේ වෙනකොට ඉන්දියාවේ කොටසක් වෙලා තිබ්බත් සවිඥානිකව අපි ඒක අමතක කරන්න හදනවා නම් එතකොට අර සත්‍යය අපේ කඳ බඩ හරහා යනවා. අමතක කරලා හිටපු ”සත්‍යයක්” වචන හැටියට අපේ මූණේ හැපුනාම අපිට කේන්ති යනවා. ඒ නිසා අපි ප්‍රතිචාර දක්වනවා.

දැන් හිතන්න කෙනෙක් අපිට ජෝක් එකක් කරොත් මොකක් හරි නෙගටිව් (negative) දෙයක් කියල අපි ඒකට ගොඩක් කලබල වෙනවා කියන්නෙම අර ජෝක් එක ඇත්තක් කියල බරපතල විදියට ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි නෙගටිව් කියන එක.

නිකම් හිතන්න අඩෝ උඹ නම් මහා වැඩකට නැති එකෙක් කියල කවුරුහරි කිව්වොත් ඒකට ඩෝන් යන්නේ අර කිව්ව දේ ඇත්ත නිසා. එහෙම නැතුව මම මේ ලෝකෙට යම් ප්‍රයෝජනවත් මිනිහෙක් නම් අර වගේ කතාවකින් අපි එච්චර සැලෙන්නේ නැහැ. මොකද අපේ හිත දන්නවා එහෙම නෙවෙයි කියල.

එච්චර හිතන්නේ නැතුව (අවිඥාණිකව) හරීන් ප්‍රනාන්දු කිව්ව ඒ ”සත්‍යය” අපිට එච්චර වැදුණේ ඒක ඇත්තටම සත්‍යය නිසා කියල මට හිතෙනවා.

ජෝක් එකක් – කට වැරදීමක් කියන්නේ සත්‍යය අපි තුළින් අපිටත් නොදැනීම එළියට පැනීමක්…

අපි තුළ ලොකු ඉන්දියානු කොටසක් තියනවා (part). ඒක අපිට මරා දමන්න බැහැ. ඒක තමයි සත්‍යය.

මේ වීඩියෝව ඒ ගැන.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...