සීතාට කරඬුව වැඩමවීම අහිමි වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): වසර 25කට අධික කාලයක් කරඬුව වැඩමවීම සඳහා සහභාගි වූ සීතා ඇතින්නට මේ වන විට සිරුර තුළ පවතින උණ්ඩ හේතුවෙන් තවදුරටත් කරඬුව වැඩමකරවීම සිදු කළ නොහැකි බව සීතා ඇතින්නගේ භාරකරු වන එස් එන් රොෂාන් පවසයි.

ඒ ඉකුත් දා මහියංගන රජමහා විහාරයේ පෙරහැරට සහභාගී වී ඉන් අනතුරුව එම විහාරයට ආසන්න භූමියක ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ඇතිවූ ආබාධයත් සමඟයි. එනිසා සීතා ඇතින්නට පෙරහැරවල කරඬුව වැඩමවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙන බව පැවසේ.

වැඩි දුරටත් පැවසෙන්නේ, සීතා ඇතින්නට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...

හම්බන්තොට වාරයේ ටෙන්ඩර් වංචාවක් ගැන හිටපු ඇමති රෝහිතගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් නියෝග!

කොළඹ LNW:ටෙන්ඩර කැඳවීමකින් තොරව හම්බන්තොට වරායේ කඩා ඉවත් කළ...