ඊශ්‍රායලයෙන් අල්-ෂිෆා රෝහලට ප්‍රහාර මාලාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලට ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදා එම රෝහලේ වැටලීමක් ද සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තවද එම ස්ථානයෙන් යුධ ටැංකි ප්‍රහාර හා දරුණු වෙඩි තැබීම් ද වාර්තා වූ බවද සඳහන් වේ.

කෙසේ වෙතත් වැටලීමේදී රෝහල අඛණ්ඩව ක්‍රියාත්මක වීමට බාධාවක් නොතිබූ බව ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සඳහන් කළේය. ඔහු කියා සිටියේ, රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත් වීමට දැනුම් නොදුන් බවයි .

පසුගිය නොවැම්බරයේ අල්-ෂිෆා රෝහල් වැටලීමේදී හමාස් සංවිධානය භාවිත කල උමං ජාලයක් හා ආයුධ ද සොයාගත් අතර, ගාසා ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200ක් පමණ මියගිය අතර පලස්තීන වැසියන් 31,300 කට වැඩි පිරිසක් මිය ගිය බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...