ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්ගෙන් සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ඉන්දියානු රජය විසින්, කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටී.

මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 7ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මහ කොමසාරිස්වරයා පැවසූවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ , ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...