ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්ගෙන් සුබ පණිවුඩයක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ඉන්දියානු රජය විසින්, කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටී.

මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ වරාය තුළට විශාල නැව් සහ යාත්‍රා ඇතුළු කිරීමට මීටර් 7ක් පමණ වරාය පතුළ ගැඹුරු කිරීමට සහ නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මහ කොමසාරිස්වරයා පැවසූවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවය පුළුල් කර ගැනීම මෙන්ම වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ , ඉන්දීය සංචාරකයින් සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දියානු රජය විසින් නම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...