චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක්!

Date:

කොළඹ LNW: වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව චීනයේ මධ්‍යම ප්‍රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) Changsha නගරයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දී ඇත.

වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවයකින් වැඩි තරගකාරීත්වයක් සහිත විවෘත ගොඩබිම් ප්‍රදේශයක් ලෙස මධ්‍යම ප්‍රදේශය ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බවයි සඳහන් වී ඇත්තේ. එමෙන්ම ආහාර, බලශක්ති හා සම්පත් සුරක්ෂිතතාව සහතික කිරීමේ හැකියාව ඉහළ නංවාලීමට ප්‍රයත්න දැරිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...