දැල වියයි මකුළුවා ….

අංශක අනූවට
බිත්ති යාවෙන තැන
දැල වියයි මකුළුවා
විශ්වය එක මිටට හකුළුවා

තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි බව නො දැන
ඉසියුම් රටා මවමින්
දැල වියයි මකුළුවා

එක් අහඹු මොහොතක
අපේ නෙත් හමු විය
සානුකම්පිත බැල්මකින් යුතු
මගේ රුව ඒ ඇසෙහි දිස් විය

තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි මා වියූ දැල
මට ම පෙන්වා හකුළුවා
තමන්ගේ දැල යළි
වියන්නට පටන් ගති මකුළුවා

~ කල්පනා ඇම්බ්‍රෝස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...