දැල වියයි මකුළුවා ….

Date:

අංශක අනූවට
බිත්ති යාවෙන තැන
දැල වියයි මකුළුවා
විශ්වය එක මිටට හකුළුවා

තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි බව නො දැන
ඉසියුම් රටා මවමින්
දැල වියයි මකුළුවා

එක් අහඹු මොහොතක
අපේ නෙත් හමු විය
සානුකම්පිත බැල්මකින් යුතු
මගේ රුව ඒ ඇසෙහි දිස් විය

තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි මා වියූ දැල
මට ම පෙන්වා හකුළුවා
තමන්ගේ දැල යළි
වියන්නට පටන් ගති මකුළුවා

~ කල්පනා ඇම්බ්‍රෝස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් එලෝන් මසක්ට තිබු කිරුළ ලැරී එලිසන්ට හිමි වී නැවත මසක් සතුවේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව ධනවත්ම...

මාකදුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධිය යළි කරළියට. බිරිඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට...

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...