ශ්‍රී ලයන්ස් ශ්‍රී ලාංකේය නෙට්බෝලය මත තබන අලුත් සළකුණ මාර්තු 13 සහ 14 කොළම ශාන්ත ජෝෂප් පිටියේදී

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 22, කොළඹ (LNW): ආචාර්ය කැළුම් සුජිත්ගේ නිර්මාතෘත්වයෙන් ඇරඹි ශ්‍රී ලයන්ස් සවුදි අරාබියේ නීතිමය විධි විධානවලට අනුව ක්‍රියාත්මක සංවිධානයකි.එය ව්‍යහුය සකස් වී ඇත්තේ ක්‍රීඩා,සමාජ සත්කාර සහ පුජා සේවා කටයුතු කෙරෙහිය.ඔවුන්ගේ මඟ පෙන්වීම සහ අනුග්‍රාකත්වය ලබා දෙමින් පළමු වරට ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් ලීගයක හැඩයකට පවත්වන ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය පැයක තරග කාලයක් තරගයකට වෙන් කරමින් මාර්තු 23 සහ 24 වන දා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.
1019 වර්ශයේදී ආරම්භ වන ශ්‍රී ලංයන්ස් ක්‍රීඩා 10 ක් කෙරෙහි යොමු වී සිටියි. ශ්‍රී ලාංකිකයන්ට මුල් තැන දෙන සංවිධානයක් හැටියට ක්‍රියාත්මක ශ්‍රී ලයන්ස් ක්‍රිකට්,රගර්,වොලිබෝල්,පාපන්දු,බැඩිමින්ටන්,නෙට්බෝල්,හොකී,පිහිණුම්,ගොල්ෆ් සහ පැසිපන්දු ක්‍රීඩාවන් හී ක්‍රියාත්මකය.ඒ අතරින් ශ්‍රී ලයන්ස් සවුදි අරාබියේ ඒ කාණ්ඩයේ තරගාවලිවලදී ක්‍රිකට් සහ නෙට්බෝල් වෙනුවෙන් තරග වදින අතර රගර් ක්‍රීඩාවේදී දක්වන දක්ෂතා පවතින්නේ ඊටත් ඉදිරියෙන් ජාත්‍යන්තර මට්ටමේය.
ලෝකයේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රගර් ක්‍රිඩා තරුවල වෘත්තිමය දායකත්වය ලබා ගන්නා ශ්‍රී ලයන්ස්, ජාත්‍යන්තර මට්ටමෙන් කෙතරම් ඉහළ පිළිගැනීමක් සහ ජනප්‍රියත්වයක් සහිත ක්‍රීඩකයන් ක්‍රීඩාව සඳහා යොදා ගත්ත ද නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකුටය.ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස එහි රැදී ක්‍රියා කරන ශ්‍රී ලයන්ස් ගෙවුණු වසරේ නායකත්වය සඳහා ශ්‍රීනාත් සූරියබණ්ඩාර කැඳවද්දී එහි උපනායකත්වය පැවරුණේ ජාත්‍යන්තර මට්ටමෙන් අඛණ්ඩව අංක එකේ රගර් ක්‍රීඩාකයා ලෙස වැජඹි සෙසිල් අෆ්රිකා ට ය.
මේ වන විට රගර් මෙන්ම නෙට්බෝල් ක්‍රීඩාවට ද ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ක්‍රීඩක දායකත්වය ලබා ගනිමින් සිටින ශ්‍රී ලයන්ස් ආසියාවේ අංක එකේ නෙට්බෝල් කණ්ඩායම ලෙස වැඩිම වරක් ආසියානු කුසලානය ජයගෙන තිබෙන ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට අවශ්‍යය ජාත්‍යන්තර තරගකාරිත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට විඳීමට අවස්ථාවක් සළසා දීමේ අදිටනින් ලීග් තරගාවලියක් සඳහා අයෝජනය කරන්නට ඉදිරිපත් වී ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් නෙට්බෝල් සහ මලල ක්‍රීඩා ඉසව් ද්විත්වයෙන්ම තරග වැදුණු සුපිරි ක්‍රීඩක ඉතිහාසයක් ගෙවා ඇති,මේ වන විට ආසියාවේ සිටින ප්‍රවීනතම සහ දක්ෂතම නෙට්බෝල් පුහුණුකාරියක ලෙස ලෝකයම පිළිගන්නා තිලකා ජිනදාස මෙනවිය මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට ඉහළින්ම සිය දායකත්වය ලබා දීම එහිදී ශ්‍රී ලයන්ස් ලැබූ විශාලතම ශක්තිය මෙන්ම භාග්‍යයද බව ආචාර්ය කැළුමු සුජිත් පෙන්වා දුන්නේය
ක්‍රිඩා අමාත්‍යවරයා,ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ක්‍රිඩා අමාත්‍යංශය පැත්තෙන් මේ සදහා ඉහළම දායකත්වය ලබා දීමට මුල් වෙමින් ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියල් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු කටයුතු කරමින් තරගාවලියේ සමාප්ත උත්සවයට විශේෂ ආරාධිතයා ලෙස එක්වීමට නියමිතය.එසේම ශ්‍රී ලංකා නෙට්බෝල් පරිපාලනයට සහ ආසියානු නෙට්බෝල් පරිපාලනයට නායකත්වය දෙන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ පූර්ණ ආශිර්වාදය ලබා දෙමින් රටේ නෙට්බෝල් ක්‍රීඩාවට ජාත්‍යන්තර මට්ටමේ තරගකාරී අත්දැකීමක් එකතු කිරීමට ගන්නා උත්සාහයට ශ්‍රී ලයන්ස් සභාපතිවරයා වෙත සුබ පැතීම් එක් කර ඇත.

  1. Sri Lions International 2. Maldives Club Matrix 3. Sri Lanka Schools 4. Sir John Kothalawala Defense University 5. State Services Netball Association 6. Nationalized Services Netball Association ලෙස මේ තරගාවලියට එකතුවන කණ්ඩායම් හයකි.මාල දිවයින කණ්ඩායම මෙන්ම සැලේසියාව සහ සවුදි අරාබිය නියෝජනය කරන ක්‍රීඩිනාවෝ ද මේ තරගාවලියට එක් වීමට නියමිතව සිටින අතර තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩිකාවට තිලකා ජිනදාස කුසලානය සමඟ සවුදි අරාබියානු ලීගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව සියලු වියදම් සමඟ ලබා දීමට කටයුතු කිරීමට නියමිතය.ජයග්‍රාහී කණ්ඩායම්වලට රන්,රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවනු ඇත.
    එසේම මේ තරගාවලියේ ව්‍යහුය වඩාත් මීටත් වඩා ජාත්‍යන්තර මුහුණුවරකින් පවත්වා ගැනීමට අවශ්‍යය සියලු කටයුතු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිඩා පරිපාලනය සමඟ සහ අනුග්‍රාහක භවතුන් සමග සාකච්ඡා කිරීමට ද ශ්‍රී ලයන්ස් බලාපොරොත්තුවෙන් සිටින බව එම සංවිධානයේ ප්‍රධානී ආචාර්ය කැළුම් සුජිත් පැවසීය.
    එසේම මෙවැනි තිරගාවලියක වටිනාකම පැහැදිළි කරමින් තිලකා ජිනදාස පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි අත්දැකීම් මද කම ආසියාවෙන් ඔබ්බට වන තරග ජයග්‍රහණය කිරීමට නොහැකි වීමේ ප්‍රධානම හේතුව බවයි.ආසියාවේ කණ්ඩායම් ගත්ත ද මීට සති දෙකකට පෙර සිංගප්පූරුව සහ මැලේසියාව එක්ව ටෙස්ට් තරගාවලියකට මුහුණ දුන් බවත් තිලකා පෙන්වා දෙන්නීය.තමා පමණක් නොව හිටපු සෑම ජාතික පුහුණුකාරියකටම කණ්ඩායමට තරග අත්දැකීම් මදි වීම ජයග්‍රහණයන් සීමාවන් පටුවීමට ප්‍රධාන වශයෙන් බල පෑ කාරණයක් බව පැවසූ තිලකා මෙවැනි ලීගයක දියුණු අවස්ථාවේදී දේශීය ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් කැඳවා වෘත්තීමය මට්ටමෙන් කරන තරගාවලියක් වීමේ දී පළපුරුද්ද,සහ අත්දැකීම් බෙදා ගැනීමේ විශාල ඉඩක් නිර්මාණය වන බව ද පෙන්වා දුන්නාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...