විදුලිය නෑ කන්න නෑ ඉන්ධන නෑ ලංකාව සංචාරයට අවදානම් – සුපිරි යූටියුබ් තරුව ලොවටම කියයි ! (Video)

මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවන බව ලෝ ප්‍රකට සංචාරය යූටියුබ් තරුවක් වන කෙන් අබ්‍රෝඩ් පවසනවා.

දිනපතා පැය 06 – 08 ක විදුලි කප්පාදුවක් සිදුවන බැවින් වායු සමීකරණ නොමැතිව, විදුලිය නොමැතිව සිටීමට සිදුවන බවත්, සංචාරයකයන් සඳහා වන අවන්හල් රැසක් වසාදමා ඇති බැවින් ඇතැම් ප්‍රදේශවල ආහාර පාන සපයා ගැනීම පවා දැඩි ගැටලුවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලොවපුරා රටවල ආකර්ශනීය සංචාරක ස්ථාන වෙත ගොස් ඒ පිළිබඳව සිය යූටියුබ් නාලිකාව හරහා ලොවටම පෙන්වා දෙන කෙන් අබ්රෝඩ් පවසන්නේ එම කටයුතුවලටද විදුලි කප්පාදුව බාධාවක් වී ඇති බවයි. සිය පරිගනකය ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කළ නොහැකි බවත්, වීඩියෝ සකස් කර ගැනීමට නොහැකි බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ සිය සංචාරය අතරමග අත්හිටුවා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට තීරණය කළ බවයි.

සිය සංචාරය තුළදී බොහෝවිට සෑම ස්ථානයක් පිළිබඳවම ධනාත්මක ප්‍රතිචාර දක්වන මෙම යූටියුබ් තරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් දක්වන්නේ බරපතල අයහපත් ප්‍රතිචාරයකි.

මේ වනවිට ශ්‍රී ලංකාව කිසිසේත්ම සංචාරය කිරීම සඳහා සුදුසු නොවන රටවක් ලෙස ඔහු හඳුන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...