පූජ්‍ය ඔස්ට්‍රියාවේ සුසීල හිමි පැවිදි කිරීම

Date:

ප්‍රථම වරට ඔස්ට්‍රියානු ජාතිකයකු පැවිදි කිරීමේ උත්සවයක් 2022 මාර්තු 6 වැනි දින ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකාහි දී පැවැත්විණි. ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකා හි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් විසින් ඔස්ට්‍රියානු ජාතිකයකු වන මාර්කස් පැස්ටොල්නිග් මහතා පූජ්‍ය සුසීල හිමියන් ලෙස පැවිදි කරන ලදී. මෙම උත්සවය සඳහා ඉතාලිය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මහා සංඝරත්නය විසින් යතිවර සම්ප්‍රදායේ චාරිත්‍ර පවත්වන ලදි.

තානාපති කාර්යාලයේ තානාපතිවරයා සහ කාර්ය මණ්ඩලය, පැස්ටෝල්නිග් මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ඔස්ට්‍රියානු බැතිමත්හු ද මෙම උත්සවයට සහභාගී වූහ. අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් පසුගිය වසර 40 තුළ බුදුදහමේ උන්නතිය සඳහා ඉටු කළ අගනා දායකත්වය අගය කළ තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා, දිගු ඉතිහාසයක් සහිත පැවිදි කිරීමේ උත්සවයක් ඔස්ට්‍රියාව තුළ ප්‍රථම වරට පැවැත්වීම හරහා, සම්ප්‍රදායික වශයෙන් දෙරට අතර පවතින සමීප, මිත්‍රශීලී හා සුවිශේෂී සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළේ ය. මෙම උත්සවයෙන් අනතුරුව, මහා සංඝරත්නය වෙත හීල් දානයක් පිළිගන්වන ලදි.

This image has an empty alt attribute; its file name is 6-9.jpg
This image has an empty alt attribute; its file name is 4-12.jpg
This image has an empty alt attribute; its file name is 1-25.jpg
This image has an empty alt attribute; its file name is 3-15.jpg
This image has an empty alt attribute; its file name is 2-24.jpg
This image has an empty alt attribute; its file name is 5-12.jpg

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...