අපේ නායකතුමා කියලා තියෙනවානෙ ඒවා ගැන කතා කරන්න එපා කියලා – රනිල් එක්ක ගමන ගැන බැසිල් කියන කතාව

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පෙරේදා (21) පැවති සාකච්ඡාව ඉතාම සාර්ථක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා සමග සකච්ඡාව කොහොමද ?

“ඉතාම සාර්ථකයි”

ප්‍රශ්නය – මොනවගේ මැතිවරණයක් ගැනද සාකච්ඡා වුණේ ?

“නෑ, නෑ, ඒවා ඉතින් සාකච්ඡා කළා. අපේ අදහස් කිව්වා. එතුමාගෙ අදහසුත් කිව්වා. ඉතින් අවසන් තීන්දුවක් ගත්තෙ නෑ. මේකෙ මේ අවසාන තීන්දුව ගත්තොත් නිව්ස් ඉවරයිනෙ. ඒක හින්දා අපි ඕක තව ටික දවසක් ඔහොම යං”

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව මොකක්ද ඔබතුමාලාගේ ?

“පොදුජන පෙරමුණත් පක්ෂයක් හැටියට අපි තීන්දුවක් අරගෙන නෑ. මගේ අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වඩාත් සුදුසුයි කියලා. ජනතාව ඉල්ලන එක දෙන්න ජනාධිපතිතුමා එකඟවෙයි කියලා මම හිතනවා”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාත් එක්කම ඉදිරි ගමන යන්න බලාපොරොත්තුවක් තියෙනවාද පොහොට්ටුවේ ?

“නෑ, ඒවා ගැන අපේ නායකතුමා කියලා තියෙනවානෙ කතා කරන්න එපා කියලා ….”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...