ජාතික කාන්තා කණ්ඩායම සහ 19 පහළ කණ්ඩායම එකවර ජාත්‍යන්තර තරග පිටියට එයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 24, කොළඹ (LNW): එක් දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට පිටත්ව ගියා. සුපුරුදු පරිදි චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සාමාජිකාවන් දාහක් දෙනෙකු ඇතුළත් වුණා.

මෙම සංචාරය සිදුවෙන මොහොතේදී අවුරුදු දහනමෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද ශ්‍රී ලංකාවේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ නියෝජනය කරමින් පැමිණෙන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් දෙකට මුහුණ දීමට සූදානමින් සිටිනවා. එම තරගාවලිය නියෝජනය කිරීම සඳහා එංගලන්ත අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.
අවුරුදු දහනමෙන් පහළ ක්‍රීඩිකාවන්ත පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් තමන්ට ලැබුණු අවස්ථාවලදී ඉහළ දස්කම් පෙන්නුවද,ජාතික කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට එකතු වන්නේ දහනමෙන් පහළ එක් ක්‍රිඩිකාවක් පමණයි. ඇය කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක හැටියට කටයුතු කරන විශ්මී ගුණරත්නයි. යොවුන් ක්‍රීඩකාවන් පිළිබඳව ජාතික කණ්ඩායම මේ මොහොතේ අවධානය යොමු නොකළත්,ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත 19න් පහළ කණ්ඩායම් වලට එරෙහිව පවත්වන තරගාවලියේදී, එසේ අවධානය යොමු නොකර සිටීමට බැරිවන අන්දමේ දස්කම් දක්වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...