මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?

Date:

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා ලංකා නිවුස් බෙබ් කළ විමසීමකට පිළිතුරු දෙමින් අවධාරණය කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර තමන් හා මුදල් අමාත්‍යවරයා අතර යම් මතභේදාත්මක තත්ත්වයක පවතින බවට සිදුකරන ප්‍රචාර පදනම් විරහිත බවයි.

මේ වන විටත් ආර්ථික වර්ධනය නැංවීම වෙනුවෙන් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සඳහා මහ බැංකුව මාර්ගෝපදේශ සපයමින් සිටින බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මේ අතර මහ බැංකු අධිපතිවරයාව එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද ලංකා නිවුස් වෙබ් වෙත තහවුරු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...

දිට්වා අතර මඟ නැවතූ මණ්ඩතිව්, යළි වැඩ අරඹයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

සෝදිසි මෙහෙයුමකදී බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් හමු වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බලකාය...

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...