පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතුය – හිටපු කතානායක කරු ජයසූරිය

Date:

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධීපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතු බව සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

හිටපු කතානායකවරයා ඒ පිළිබඳ මෙසේ ප්‍රකාශ කර ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධීපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෙළිදරව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතුය.

ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සැලසුම් සහගත, බිහිසුණු හා මිලේච්ඡතම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැලකිය හැකි පාස්කු ප්‍රහාරයට අදාළ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව අපරාධ මර්ධනය සඳහා වගකීම පැවැරී ඇති සෑම ආයතනයකම මෙන්ම අධිකරණය ද ප්‍රමුඛ අවධානයක් යොමුකල යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නෙමු.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකක් වන්නේ මූලික කරුණු තුනක් නිසාය. එකී බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සිදුවන විට මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එබැවින් ඊට අදාළව ඒ දිනවලම  ආරම්භ කරන ලද සියළුම පරීක්ෂණ හරහා තහවුරු කරගන්නා ලද කරුණු ගැන මෙන්ම එම පරීක්ෂණ සිදුකරන ලද ආයතන ගැන ද ඔහු සතුව තිබිය හැකි අවබෝධය එහි පළමු වැදගත්කම ලෙස සැලකිය හැකිය.

දෙවැනි වැදගත් කරුණ වන්නේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස සිටි ප්‍රධාන පුද්ගලයන් කවුද යන්න තවමත් ප්‍රශ්ණ සහගත වන හෙයින් එවැනි පරිසරයක් තුළ මෙවැනි හෙළිදරව්වක් සිදුකිරීමය. තෙවැනි කරුණ වන්නේ අදාළ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන වග උත්තරකරුවන් තමා හොදින් දන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර ඇති එකම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක්ම වන නිසා සහ ඔහු මේ රටේ රාජ්‍ය නායකත්වය ද හොබවා ඇති ප්‍රමුඛතම පුද්ගලයයෙක් ද වන නිසාය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප මේ රටේ අපරාධ මර්ධනය සඳහා පිහිටුවා ඇති සියළුම ආයතන වෙතින් හා ගරු අධිකරණයෙන්ද ඉතාමත් ඔනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකර ඇති මෙම ප්‍රකාශය ගැන ඉහළම අවධානයක් යොමුකරන ලෙසටය.

එමෙන්ම ම්ලේච්ඡ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ඳ සියළුම පුද්ගලයන්ට එරෙහිව පවත්නා සියළුම පරීක්ෂණ කටයු හා අධිකරණ කටයුතු කඩිනමින් තර්කානුකූල අවසානයක් කරා ගෙන එමට උපරිම පියවර ගනිමින් ඊට ගොදුරු වූ කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවද ඇතුළු සියළුම වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම රටේ ප්‍රධානතම වගකීමක් වන බව ද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.

කරු ජයසූරිය

සභාපති

සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

2024.03.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...