අපිට ඕනේ විදිහට මේ වැඩේ කරන්න බැරි නම් නිල ඇඳුම ගලවලා ගෙදර යන්න – අමාත්‍ය ටිරාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW):සමහර ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇති බවත් එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍ය ටිරන් අලස් මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය,

“යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සරවෙලා අපි අධ්‍යයනය කරන කාලයේ අපි ප්‍රජා කමිටු පිහිටුවන වැඩේ අලුතින් කෙරුවේ. අපි අලුත් විදිහකට හිතලා… මට මතකයි සැප්තැම්බර් 30 වෙනෙකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝම්බර් 10 වෙනතුර කල් ඉල්ලුවා. මම ඔක්තෝම්බර් 10 වෙනකොට ඉවර කරන්න කිව්වා. පොලිස්පතිතුමා කිව්වා වගේ සමහර පැතිවල ඒක හරියට කරලා නැහැ. අපිට බොරු තොරතුරු දිලා තියෙන්නේ. එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය මම ගන්නවා. මොකද මේ දේ කරන්න බෑ පොලිස් නිලධාරීන් සියලුදෙනාම එකට එකතු වෙලා මේ වැඩ ටික කෙරුවේ නැත්නම්. කවුරු හරි ඉන්නවා නම් අපිට ඕනේ විදිහට මේ වැඩේ කරන්න බැරි ඒ අය නිල ඇඳුම ගලවලා යන්න ඕනේ.”

රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...