ලාංකීය සමාජයේ නාගරිකයා ….

0
861

පුනරුදයෙන් පස්සෙ පැරණි වැඩවසම් අශිෂ්ඨත්වය ශිෂ්ඨකරනය කිරීමට ලක්කෙරුනේ නගරය කියන නූතන පරිශ්‍රය ඇතුලේ.. එතනින් එහාට ගම යනු තවදුරටත් පැරණි වැඩවසම් නෂ්ඨ චින්තන දහරාවේ සහ පරණ ගතානුගතික ආකල්පවල ආරක්ෂිත ස්තානයක් ලෙසින් පැවතුනා….

නමුත් මේ ලෝක ක්‍රියාවලියට අදාලව ලංකාව කියන දූපත ඇතුලේ නගරය කියන ප්‍රපංචය බිහි උනේවත් නාගරික චින්තනය බිහි උනේවත් නෑ…මෙතනදි යම් පමණකට හෝ නාගරික ව්‍යුහයක් සහ අදහස් ටිකක් හැදුනස් නම් ඒ කොළඹ ආශ්‍රිතව පමණයි…

මේ නිසාම ලංකාවේ යුග ගණනක් පුරා රජයපු චින්තනය උනේ ගැමි (බයි) චින්තනයයි ..

මැතිවරණ වලදී පාලකයන් පවා අදාල නාගරික ප්‍රතිසංස්කරණ කතිකාව පැත්තකට දාලා තමුන් රෙද්ද බැනියම අඳින ගැමියෙක් බව මවා රඟදක්වමින් බහුතර ගැමි ජනපදනම දිනාගැනීමට කූඨ ව්‍යාපෘති සකස් කලා..

ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් බලය ලබාගැනීමට රට තුල ක්‍රියාත්මක වූ සන්නද්ධ කැරලිවල පවා රජයනු ලැබුවේ දේශීය ගැමි චින්තනයයි..ඒ තුලද ඉහලට එස උනේ කැප්පෙටිපොළ, කීර්ති විජේබාහු වැනි ඉපැරැණි වැඩවසම් ගතානුගතික පරමාදර්ශයි..

ඇත්තෙන්ම ලංකාව නූතන බංකොලොත්කම කරා රැගෙන ආවේ මේ ප්‍රාදේශීය වාදී ගැමි චින්තන මිත්‍යාව සහ ඊට පක්ෂග්‍රාහීව රැගෙන ගිය ජනතාවාදී ආර්ථික දේශපාලන පිලිවෙතයි..

නමුත් දැන් පවා බංකොලොත් අර්බූදයෙන් රට ගොඩ ගැනීමේ දර්ශනය ලෙස කරලියට එමින් තිබෙන්නේ අටු කොටු පුරවන ඊනියා ස්වයංපෝෂිත වැඩවසම්වාදයයි..

මේ ඊනියා වැඩවසම් ස්වයංපෝෂිත මිත්‍යාවට කල හැක්කේ රට ගොඩ ගත නොහැකි දිගුකල් පවත්නා බංකොලොත්බවක තව තව සිරකිරීමම පමනි..

මෙහිදී කෙතරම් අඩුපාඩු සහ උද්දච්ච දුර්වලකම් තිබුනද අර්බූදය දෙස නාගරිකයෙකු හා නාගරික චින්තකයෙකු, දේශපාලනඥ්ඥයෙකු ලෙස ගෝළීය දැක්මකින් බැලීමේ හැකියව තිබූනේ රනිල්ට පමණක් බවද මෙහිදී නොකියාම බැරිය..ඒ නිසාම ඔහුගේ අදහස් බොහෝමයක් රටතුල රජයන ගැමි චින්තන දහරාවේ ගර්හාවට හා හාස්‍යයට ලක්වී එක හෙලා ප්‍රතික්ෂේපවූ බව සඳහන් කල යුතුය. මෙහිදී ඔහු පමණක් නොව ඔහුගේ ටයි කෝට් වස්ත්‍රය පවා බටහිර ගැති සංකේත ලෙස කාලයක් අපහාසයට ලක් උනා..

මේ සන්දර්භය තුළ ලංකාව යනු මුහුදෙන් වටවූ හද්දා ගමක් ලෙසත් රනිල් යනු එහි එකම හුදෙකලා නාගරිකයා ලෙසත් හැඳින්විය හැකිය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN