CID හමුවට යන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට පැමිණීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිතුමා අද පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙනු ඇති බවට වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගනිමින් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ අතර, මගෙන් රටට සංවිධානයද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දෙනු ලැබූ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 48 ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙනු ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවරදී ඊයේ කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...