රට රැකියා පෙන්වා මුදල් වංචා කළ හොර දොස්තර අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් කල විමර්ශනයකදී, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 07,විජේරාම මාවතේ පදිංචි සැකකරුකම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මාර්ගයෙන් විදේශ රැකියා ලබා දිය හැකි බව පවසා ඇති අතර තමන් වෛද්‍යවරයකු බවද මොහු ප්‍රකාශ කර තිබේ.

මුදල් ලබාගැනීම සඳහා මොහු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පුද්ගලයන් කැදවා තිබේ.

සැකකරු මෙසේ පුද්ගලයන් 9දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙලි වී ඇති අතර මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක්අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු කොළඹ අංක 5, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 03වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර , මෙම ජාවාරම සඳහා සහය වූ මොහුගේ බිරිඳ විමර්ශන නිළධාරීන් මඟහරිමින් සැඟව සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙය වනු ලබයි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර මහතා ඉල්ලා සිටින අතර, එසේ මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...

තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...