*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

නිල සංචාරයක් සදහා අගමැති චීනයට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW):ඊයේ (24) රාත්‍රී 08.20 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ සිට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති , දැනට ගෙවීම් අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතය .

ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසූවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටින බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan