කොළඹ LNW:රට තුළ ජාතික සමඟිය ඇති කිරීමට රටේ සියලුම ජනතාව නම් නව මානයකින් සිතිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ඒ, කැනඩාවේ Vancouver ජන හමුව අමතමිනි.
තමන් තුළ තිබෙන මමත්වය,අභිමානය,දෙදහස් පන්සියයක ඉතිහාසය,ශ්‍රේෂ්ඨත්වය යන කාරණ ටිකකට පසෙකින් තබා සැබෑ ලෙසම මිනිස්සුන්ට සිදුව තිබෙන දේ යථාර්තවාදීව බැලිය යුතු වන බවයි දිසානායක මහතා සඳහන් කළේ.
තමන් නියෝජනය කරන පරම්පාරව යුද්ධ කළද දරුවන්ගේ පරම්පාරාවට යුද්ධ නොකරන රටක් හදන එක යුද්ධ කරගත්ත පරම්පරාවේ වගකීම බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ