ඩොලර් බිලියනයක ගිවිසුමක් සඳහා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට පිටත්ව යයි

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ (15) දින ඉන්දියාව බලා පිටත්ව තිබේ.

මෙසේ ඉන්දියාව බලා පිටත්ව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චැන්ග්යොංග් රී මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

මෙම සංචාරය සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද සම්බන්ධව ඇති බවයි වාර්තා වන්නේ.

රටෙහි පවතින ආර්ථික තත්ත්වය මත ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීම මෙම සංචාරයෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව, ඉන්දියාවේ නව දිල්ලිය බලා පිටත්ව ගිය මුදල් අමාත්‍යවරයා අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා ගිවිසුම්ගත වීමට නියමිත ය.

මෙම සංචාරය අවස්ථා දෙකකදී කල් දැමීමට සිදුවිය. ඊට හේතුව වී තිබෙන්නේ නවදිල්ලි බලධාරීන් ඒ වන විට අදාළ නිල සංචාරය සඳහා මූලික කටයුතු සූදානම් කරමින් සිටි බැවින් මුදල් අමාත්‍යවරයා පිළිගැනීමට ඉන්දීය පාර්ශවය එකවරම සූදානම් නොවී සිටීමයි.

රට තුළ මතුව ඇති බරපතල විදේශ විනිමය අර්බුදය හමුවේ එය සමනය කිරීම සඳහා ඉන්දියාවේ ආර්ථික සහන පැකේජය විධිමත් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

මාස දෙකකින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නවදිල්ලි නුවරට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ. ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක ණය පහසුකමක් ලබා දුන් අතර, ඒ පහත වැටෙමින් පැවති විදේශ සංචිත ගොඩනඟා ගැනීමට සහා ආහාර ද්‍රව්‍ය ආනයනය විධිමත් කිරීම සඳහායි.

අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිෂංකර් සහ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා අතර අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවතියේ ඉකුත් ජනවාරි මස ය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 500 කට අධික විදෙස් මුදල් හුවමාරුවක් ලබා දුන් අතර, පසුව එය ඩොලර් මිලියන 900 දක්වා ඉහළ දැමීමට කටයුතු කළේය.

ආසියානු නිශ්කාශන බේරුම්කරණ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 500 ක ණය ආපසු ගෙවීමේ කාලසීමාව ද දීර්ඝ කෙරිනි.

ශ්‍රී ලංකාවට මෙම වසරේ ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය ගෙවීමට සිදුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම හෝ ප්‍රතිසාධන සැලැස්මක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය පාර්ශවයෙන් නිතර නිතර ඉල්ලීම් සිදුවූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොපැතීමට ආණ්ඩුව දැඩි තීරණයක පසුවිය.

කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටී.

මේ අතර, ඉකුත් පෙබරවාරි වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...