හිටපු ජනාධිපති මෛත්‍රීපාල කට උත්තර දෙන්නෙ හීනෙන් නැගිටලා ආවා වගේ- චරිත (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW):

නිදහස ජනතා සභා මාධ්‍ය සාකච්ඡාව සඳහා අද (27) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා තම අදහස් පළ කරමින් කියා සිටියේ,

” අපේ ප්‍රධාන මැතිවරණයක් එන්න නියමිතයි කැබිනට් සාකච්ඡාවේ දී කියලා තියෙනවා ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙන්න කියලා. මෙවර ජනාධිපතිවරණය වන්නේ පුද්ගලයෙක් වෙනුවෙන් හොයනවාට වඩා හොඳ වැඩපිළිවෙලක් සහ කණ්ඩායමක් තෝරාගන්න මැතිවරණයක් වැඩපිළිවෙලක් නැතුව පුද්ගලයෝ තෝරලා අපට වැඩක් නෑ

මේ රටේ බරපතලම ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඒ අතරින් ආර්ථිකය කඩා වැටීම දේශපාලන වශයෙනුත් රට අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒවගේම පාතාලය දූෂණයත් හිස ඔසවලා තියෙනවා.

ඊයේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කට උත්තරයක් ලබා දෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය දැන් දේශපාලන මෙවලමක් වශයෙන් පත්වෙලා ඉවරයි. තමන් කැමති කැමති වෙලාවට එලියට අරගෙන තියෙනවා. විශේෂයෙන් ම ආරක්ෂක ඇමතිවරයා හිටපු ජනාධිපතිවරයා අවුරුදු පහක් ගිහිල්ලත් දැන් කියනවා ප්‍රකාශයක් කරන්න තියෙනවා කියලා. හරියට හොරා පොලිස් වගේ සමහරවිට මේකේ යටි අරමුණ කවුරුහරි දේශපාලනඥයෙකුට මඩක් ගහන්න වෙන්න ඇති” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...