වින්ඩිගේ ” අයියෝ සාමිනේ ”විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන” අයියෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලකගේ ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගත්තේය.

මෙම සම්මාන උළෙල  ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණු අතර, මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබයි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටි බව සඳහන් වේ. මෙම පිරිස  ඊයේ රාත්‍රී 06.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි .

https://youtu.be/xk5s4JMqwkA?si=88jkSRsJx4S0J2x9

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...