පලස්තීන ජනයා කුරුසපත් කෙරෙන ජන සංහාරයට එරෙහි වෙමින් කිතුසර කණ්ඩායමෙන් නිහඬ විරෝධයක්!

Date:

කොළඹ LNW: කිතුණුවන් විසින් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය තවත් අර්ථවත් කරමින් ගාසාහි පලස්තීන වැසියන්ගේ නිදහස් පතා අද (29) නිහඬ විරෝධතාවක් කොළඹ බෞද්ධලෝක මාවතේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

කිතුසර කණ්ඩායම විසින් එය සංවිධානය කර තිබුණු අතර පලස්තීන ජනයා කුරුසපත් කෙරෙන ජන සංහාරයට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනුයි එය පැවැත්වුණේ.

මෙම සංහාරය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් සහය දෙමින් සිටින ඇමරිකාව – බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරජවාදයට විරෝධය දැක්වීමද එහිදී සිදුකෙරුණි.

විරෝධතාවට එක්ව සිටි පිරිස පලස්තීන තානාපති කාර්යාලය වෙතද ගිය අතර එහිදී තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගැනුණු අතර යුද්ධයෙන් මියගිය අය සිහිපත් කිරීමක්ද සිදුකෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/653/Silent%20protest%20by%20The%20Kithusara%20Group%20against%20the%20crucifixion%20of%20Palestinians

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...