අගනුවර තරුණ කවි සමාජයේ 89 වන සංවත්සර උළෙල හෙට (31) දා!

Date:

1985 අංග 35 දරණ පාර්ලිමේන්තු පනතින් පුණ්‍යායතනයක් ලෙස ආවරණයලත් ශ්‍රී ලංකාවේ ඇති එකම කාව්‍ය සංසදය අගනුවර කවි තරුණ කවි සමාජයයි.

වර්තමානයේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය නමින් ප්‍රකට එදා වික්ටෝරියා පාර්ක් නමින් හැඳින්වූ ස්ථානයෙහි වූ චමත්කාරද ජනක සුන්දර පරිසරයක වූ තුරු සෙවණක සිය උපන් පියස කොට වර්ෂ 1935 අප්‍රේල් මස 18 වෙනි දින එතනට රැසූ පී බී අල්විස් පෙරේරා, විල්සන් හෑගොඩ, ආර්.එන් ද අල්විස් ඇතුළු කවීහු කීපදෙනෙක් කොළඹ කවි සමාජයේ යන නමින් පිහිටුවා ගත් කාව්‍ය සංසදය පසු කලක අගනුවර තරුණ කවි සමාජය හෙවත් “අතකස” නමින් ජනගත විය..

අතීතයේදී කොළඹ කවියේ සහ කොළඹ කවීන්ගේ පාරාදීශයක්ව පැවති අගනුවර තරුණ කවි සමාජයට එල්ල වූ ප්‍රබලම අභියෝගය වූයේ කොළඹ බොහෝ කවි කිවිඳියන් සමනල ලෝකවල අතරමංව ගං, විල්, මල්, කඳු හෙල් පිළිබඳ කවිලියූ පිරිසක්ය යන්න ජනගත වී තිබීමය.

එම ප්‍රබල සංකල්පය අබිබවමින් කාව්‍ය ලක්ෂණයන්ගේ පෝෂිත ලයට වීරිත අනුව එළිවැට එළිසමය සුරකිමින් යවහන් දෝෂ වලින් ස්වායත්තව කවි විදියෝ සඳැස් කවි නිර්මාණය කරන්නෝය යන මතය යළි ජනගත කිරීමට වෙහෙසුනෝය. එහි සාධනීය ප්‍රතිඵල වූයේ අද වන විට 89 විය හැයි වියද ඉක්මවන සඳමනා සේ සඳැස් කවිය ඉදිරියට පැමිණ තිබීමය.

ගෙවුණු කාල පරාසය තුල ඒ ඒ යුගවලදී සමකාලීනව සිටි ජේෂ්ඨතම හා ප්‍රවීණතම කිව්වරු 15 දෙනෙකු අතකසයේ සභාපති ධූරය හොබවමින් කටයුතු කර ඇති බව ඉතිහාසය සඳහන්ය. පී.බී අල්විස්, විමලරත්න කුමාරගම, සාගර පලන්සූරිය, බඹරකොටුවේ සුදර්ම සෙනෙවිරත්න, යූ.ඒ.එස් පෙරේරා (සිරි අයියා)එම්,එම්,කුඩලිගම , විමලේද්‍ර වතුරේගම, සුරසේන ආටිගල, උපනන්ද බටුගෙදර, විමලසිරි පෙරේරා, බිංගිරියේ විජය කුමාර , චිත්‍රානන්ද අබේසේකර, වල්ගම සෝමතිලක, සියසිරි විජේසේකර , ගාල්ලේ බර්ලින් ප්‍රණීත් පෙරේරා එම කවිය ඔහු වෙති.

අගනුවර තරුණ කවි සමාජයේ කවිහු එදා පෙනී සිටියේත් අද පෙනී සිටින්නේත් හරවත් අර්ථවත් ප්‍රාගුණ්‍යෙන් පිරි කවි සම්ප්‍රදායක් සමාජය තුළ ස්ථාපිත කිරීමට‍ය.එහි වත්මන් නියමුවෝ පාසල් මට්ටමෙන් නව මං සොයා ගමන් කරවීමටත් දියත් කොට ඇති ව්‍යාපෘති ගණනාවකි.

චන්දන වික්‍රමසිංහ රංග ආයතනයේ නන්දනීය රංග විද්‍යාසයෙන් අලංකාරව ඇති කවි රාවයන්ගෙන් රසමුසුව “අගනුවර තරුණ කවි සමාජයේ 89 වන සංවත්සර උළෙල” එළඹෙන 31 වෙනිදා එනම් හෙට දින පස්වරු 2.30ට කොලඹ 7 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පලාත් සභා කලා නිකේතනයේ දී සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, මහාචාර්ය ජේ.බී.දිසානායක, ආචාර්‍ය අතුල පතිනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඹිලිපිටියේ ගරාජයක් තුළින් සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් මතු වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ඇඹිලිපිටිය පොලීසිය විසින්...

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...