කෙහෙළියට මහාධිකරණයෙනුත් ඇප නෑ !

Date:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියම කර තිබේ.

ඒ එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලව පසුගිය පෙබරවාරි 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...