කෙහෙළියට මහාධිකරණයෙනුත් ඇප නෑ !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියම කර තිබේ.

ඒ එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලව පසුගිය පෙබරවාරි 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...