*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය (SBSL) හා ගෝලීය දමිළ සංසඳය (GTF) විසින් ශ්‍රී ලංකාවේ මෑත සිදුවීම් පිළිබඳව නිකුත් කරන ලද ප්‍රකාශය

මාර්තු 29, 2024 (ශ්‍රී ලංකාව): යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය (SBSL) හා ගෝලීය දමිළ සංසඳය (GTF) මහා ශිව රාත්‍රි උත්සවයේදී (මාර්තු 8, 2024) උතුරු ශ්‍රී ලංකාවේ වෙඩුක්කුනාරි ආති සිවන් කෝවිලේදි සිදු වූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව ශෝකයට පත් වී සිටී.

(හින්දු දින දර්ශනයේ සුභ රාත්‍රියක් වූ) මහා ශිව රාත්‍රී දිනයේ රාත්‍රීයේදී ආරක්‍ෂක හමුදාවන් බිය වද්දන ආකාරයෙන් බලපෑම් සිදුකර ඇත. බැතිමතුන් ආහාර, ජලය හා අනෙකුත් මූලික අවශ්‍යතාවන් ලබා ගැනීම වළක්වා කෝවිලේ පූජකවරුන්ද ඇතු`ථව බැතිමතුන් බලහත්කාරයෙන් සහ අවමන් කරන ආකාරයෙන් අදාළ ස්ථානයෙන් ඉවත් කර, රඳවා ගැනීම්ද මෙම ක්‍රියාවන්වලට ඇතුළත් වේ.

මෙම ස්ථානය හා අනෙකුත් මතභේදයට තුඩු දෙන ස්ථාන හා සම්බන්ධ ගැටුමේ ඉතිහාසය අප දැන සිටිමු. ඒවා බොහෝ අවස්ථාවල සුළු ජාතික ප්‍රජාවන් අතර බිය හා සැක අවුලුවයි. මහ ජාතියේ ලක්‍ෂණ, සංකේත හා පරිචයන් බලෙන් පටවා සුළු ප්‍රජාවගේ ඔවුන්ගේ ශත වර්ෂ ගණන් පැරණි සංස්කෘතික සම්ප්‍රදායන් හා භාවිතයන් උල්ලංඝනය කරන පු`ථල් රාජ්‍ය න්‍යාය පත්‍රයක් කෙරෙහි ඔවුන් එසේ සැකෙන් හා බියෙන් පසුවේ. බොහෝ අවස්ථාවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා වූ මෙවලමක් ලෙස සලකනු ලැබේ. අධ්කරණ පවා නුසුදුසු ආකාරයේ බලපෑම්වලට ලක්වන අතර, වත්මන් අර්බුදයේදී රාත්‍රි පූජාවන්ට අනුමැතිය ලබා දී තිබුණාද, නැද්ද යන කරුණ පිළිබඳව එකිනෙකට පරස්පර අර්ථ කථනයන් දෙනු ලැබේ – මෙය වසර ගණනාවක් එවැනි ආගමික වත් පිළිවෙත් සිදුකරන පුද්ගලයන් කෙරෙහි සිදුකරනු ලබන නිග්‍රයකි.

මෑත සිදුවීමේදී දැඩි ලෙස කැපී පෙනෙන කාරණය වන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලය යෙදීම හා යම් ආගමික කොටසකට නින්දා සහගත ආකාරයෙන් සැලකීම වේ.

එම ස්ථානයට සිදු වූ යම් හානියක් පිළිබඳ පොලිසියට සාක්‍ෂිකයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා හා එම ස්ථානයේ වැද පුදා ගැනීමට අවසර ලබාදීම පිළිබඳ දැනටමත් නෛතික නිගමනයක් පවතින හෙයින්ද විනිසුරුවරයා විසින් රැඳවියන් සියලු දෙනාම නිදහස් කිරීම විශාල සහනයක් වේ.

මෙම මස මුලදී මානව හිමිකම් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික ප්‍රකාශය, ආරක්‍ෂක අංශ විසින් අඛණ්ඩව සිදුකරනු ලබන පුද්ගලයන් පැහැර ගැනීම්, නීති විරෝධි රඳවා ගැනීම් හා වධහිංසා පිළිබඳ සඳහන් කර ඇත. වත්මන් අර්බුදය ඔහු විසින් පෙන්වා දී ඇති අහිතකර තත්ත්වයන් තහවුරු කිරීමක් ලෙස සැලකිය හැකිය. තවද, එවැනි සිදුවීම් රජයේ සංහිඳියා න්‍යාය පත්‍රයට එරෙහි වේ. මෙම අරමුණ සඳහා නව කාර්යාලයක් ස්ථාපිත කිරීමද ඇතුළුව සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම න්‍යාය පත්‍රය ඉදිරිපත් කර ඇත.

තවද, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් අතර ආගමික සමගිය හා අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය (SBSL) හා ගෝලීය දමිළ සංසඳය (GTF) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුලපිරිම් කෙරෙහි මෙවැනි සිදුවීම් සෘණාත්මක බලපෑමක් ඇති කළ හැකිය යන කරුණ පිළිබඳවද අපි කණස්සල්ලට පත් වී සිටිමු.

මෙම වසරේ අග භාගයේ මැතිවරණයන් පැවැත්වීමට තිබෙන හැකියාව හා මැතිවරණ වාසි සඳහා පක්‍ෂපාතී පාර්ශ්වයන් සමාජ කැළඹීම් ඇවිස්සීමට තිබෙන විභවය තුළ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, නීති හා ආරක්‍්‍යෂක ආයතනද ඇතුළුව රටේ සියලුම පුරවැසියන්ගෙන් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවතත් සිදුවීම වැළැක්වීම සඳහා උපරිම ආකාරයෙන් කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිමු.

තවත් ප්‍රගතිශීලී පියවරයක් ලෙස යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස හිමි, පූජ්‍ය කිතලගම හේමසාර නායක හිමි හා පූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමි යන භික්ෂූන් වහන්සේලා මාර්තු 14 වන දින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හමුවී ඇත. හිමාලයා ප්‍රකාශය නිල වශයෙන් එතුමා වෙත බාර දීමට අමතරව, 2023 දෙසැමිබර් මාසයේ අතිපූජ්‍ය නල්ලෙයි ආතීනම් කුරුක්කල් සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී මතු කරන ලද සමහර ගැටලුද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ භික්‍ෂූන් වහන්සේලා ගැටලු හඳුනා ගෙන තිබූ ස්ථාන තමන් විසින්ම නිරීක්‍ෂණය කිරීම සඳහා ජනවාරි මාසයේ චාරිකාවක යෙදුනු බව මෙහි සටහන් කළ යුතුය. ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම් කෝවිල, කුරුන්තූර්මලෙයි කෝවිල, ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි කාන්කේසන්තුරෙයි පිහිටි ලිංගේෂ්වර් කෝවිල හා ක්‍රිෂ්ණර් කෝවිල හා සඩයම්මා සාදු සමාධිය (සොහොන් ගැබක්) උන් වහන්සේලා විසින් නිරීක්‍ෂණය කරන ලදී. නුදුරු අනාගතයේදී මෙම ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීමට තමන් උදව් කරන බව ගරු අමාත්‍යවරයා එම පූජ්‍ය භික්ක්‍ෂූන් වහන්සේලා වෙත තහවුරු කළේය. උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාගේ සහාය ඇතිව භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් කුරුන්තූර්මලෙයි පරිශ්‍රයේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබූ විශාල කෘෂි ඉඩම් ප්‍රමාණයකට නැවත ජල සැපයුම ලබාදීමේ ගැටලුව ජනවාරි 9 වෙනිදා විසඳා ගැනීමට හැකි විය.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ පූජ්‍ය කලුපහන පියරතන හිමියන් හා ඕස්ටේ්‍රලියානු ගෝලීය දමිළ සංසඳයේ ප්‍රකාශ් රාජසුන්දරම් මහතා මාර්තු 12 වන දින කොළඹදී එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්රාන්ච් මහතා හමුවී හිමාලය ප්‍රකාශය නිල වශයෙන් බාරදෙන දුන්හ. ඉන් පසුව පැවති සාකච්ඡාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරයා පහත සඳහන් ටුවිට් පණිවිඩය නිකුත් කර ඇත:

“අද දින මා යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ හිමිවරුන් හා ගෝලීය දමිළ සංසදයේ නියෝජිතවරුන් හමුවුනෙමි. ඔවුන් හිමාලය ප්‍රකාශය හා ජාතික සංවාදය සඳහා වූ සැලසුම් මා වෙත ලබා දුන්හ. සංහිඳියාව හා මානව හිමිකම්වලට ගරු කිරිම සඳහා වූ ඔවුන්ගේ සමාජ හා ආගමික සංවාදය පිළිබඳව යාවත්කාලීන කරන ලද වාර්තා බලාපොරොත්තුවෙන් සිටිමි”.

හිමාලය ප්‍රකාශය පදනම් කර ගත් සංවාදය සඳහා වූ සම්බන්ධීකාරකවරුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා වූ දිස්ත්‍රික් මට්ටමේ සූදානම් කිරීම සඳහා වූ යෝජිත වැඩමුළු පහෙන් තුන්වෙනි වැඩමුළුව මාර්තු 1 වන සිකුරාදා හා මාර්තු 2 වන දින සෙනසුරාදා මඩකලපුවේදී පවත්වන ලදී. මෙම වැඩමු`ථවට පොලොන්නරුව, මොණරාගල, අම්පාර හා ත්‍රිකුණාමලය යන යාබද දිස්ත්‍රික්ක 4 ක සහභාගිවන්නන් සහභාගි වූහ.

මඩකලපුවේදී පවත්වන ලද වැඩමු`ථවේදී සියලුම ආගම්වලට අයත් ආගමික නායකයන් 30 දෙනෙක් හා සිවිල් සමාජ සාමාජිකයින් කිහිප දෙනෙක් සහභාගි වූහ. පූජ්‍ය කලුපහන පියරතන හිමි, මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමි, පූජ්‍ය කිතලගම හේමසාර නායක හිමි යන භින්ෂූන් වහන්සේලා එහි පැමිණ සිටි අතර, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳය වෙනුවෙන් සාකච්ඡාව මෙහෙය වූහ. ගෝලීය දමිළ සංසඳය (GTF) නියෝජනය කරමින් එක්සත් රාජධානිමේ සිට වේලුපිල්ලේ කුහනේන්ද්‍රන් මහතා එහි පැමිණ සිටියේය.

විශාකා ධර්මදාස මහත්මියගේ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමය (AWAW) විසින් මෙම වැඩමුථවට පහසුකම් සපයන ලදී. ප්‍රකාශය පිළිබඳ පිළියෙල කරන ලද ප්‍රකාශ 6 ක් සහභාගිවන්නන් අතර පුථල් ලෙස ඇගයීමට ලක් විය. ඉන්දික පෙරේරා හා නාගරත්නම් විජයස්කන්දන් යන මහත්වරුන් වෘත්තීය පහසුකාරකවරුන් ලෙසද, ජිනාදරී පරමේශ්වරම් මහත්මිය භාෂා පරිවර්ථක ලෙසද මෙම වැඩමු`ථවේ කටයුතු කළහ.

සමාරම්භක වැඩමුළුව පෙබරවාරි 9 හා 10 යන දිනවල කුරුණෑගලදී පවත්වන ලදී. කුරුණෑගල වැඩමුළුවට ගම්පහ, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවලින්ද සහභාගිවන්නන් සහභාගි වූහ. දෙවන වැඩමුළුව මහනුවර දී පවත්වන ලද අතර, මාතලේ, බදුල්ල, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් සහභාගිවන්නන් මෙම වැඩමුළුවට සහභාගි වූහ.

සැලසුම් කර ඇති මෙම වැඩමුථවල අරමුණ වන්නේ සම්බන්ධීකාරකවරුන් ලෙස යෝජිත සර්ව ආගමික පූජකවරුන් හා සිවිල් සමාජ සාමාජිකයන් 150 දෙනෙකු පුහුණු කිරීම වේ. ඔවුන් ප්‍රධාන සම්පත්දායකවරුන් වන අතර, ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති දිස්ත්‍රික්ක සංවාද 25 ක් සඳහා පහසුකාරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. මෙම යෝජිත වැඩමුළු5 දීප ව්‍යාප්ථව දෙදින වැඩමුළු වශයෙන් පවත්වනු ලැබේ.

මීළඟ වැඩමුථව ගාල්ලේදී අප්‍රේල් 19 සහ 20 යන දිනවල පවත්වනු ලබන අතර, කොළඹ, කථතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල නියෝජිතවරුන් එයට සහභාගි වේ. අවසන් වැඩමු`ථව අප්‍රේල් 26 සහ 27 යන දිනවල වවුනියාවේ පවත්වනු ලබන අතර, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල නියෝජිතවරුන් එයට සහභාගිවීමට නියමිතය.

සෑම දිස්ත්‍රික්කයකින්ම අන්තර් ආගමික පුද්ගලයන් 5 දෙනෙක් හා සිවිල් සමාජ සාමාජිකයන් එක්කෙනෙක් නියෝජනය වන අතර, දිස්ත්‍රික්කයක් සඳහා සහභාගි වන මුථ සංඛ්‍යාව 6 ක් වේ. එමනිසා දිස්ත්‍රික්ක 25 න් සම්බන්ධීකාරකවරුන් 150 ක් සහභාගි වේ. සියලුම වැඩමුථ 5 අවසන් වීමෙන් පසු ජාතික සංවාදය ආරම්භ වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan