යුක්රේන සිවිල් වැසියන් රැඳී සිටි ස්ථානයකට රුසියානු ගුවන් ප්‍රහාර

Date:

යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් රැඳී සිටි ස්ථානයකට රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා.

මරියුපෝල් නගරයේ කලාගාරයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ වනවිට යුක්රේන සමාන්‍ය ජනතාව 1000 කට වැඩි ප්‍රමාණයක් එහි සිටි බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ප්‍රහාරයෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව නිශ්චිත වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

ප්‍රහාරයෙන් අදාල කලාගාරයට දැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

කලාගාරය තුළ කුඩා දරුවන් රැසක් රැඳී සිටින බව රුසියානු භාෂාවෙන්, කලාගාරයෙන් පිටත ගුවනට පෙනෙන සේ සටහන් කර තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ හේතුවෙන් මෙම ප්‍රහාරය පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා එල්ල කර ඇති අවස්ථාවකයි රුසියාව මෙම ප්‍රහාරය එල්ල කරන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ බදාදා දිනය තුළ මයුරිපෝල් නගරයේ කිසිදු ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල නොකළ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...