යුක්රේන සිවිල් වැසියන් රැඳී සිටි ස්ථානයකට රුසියානු ගුවන් ප්‍රහාර

Date:

යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් රැඳී සිටි ස්ථානයකට රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා.

මරියුපෝල් නගරයේ කලාගාරයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ වනවිට යුක්රේන සමාන්‍ය ජනතාව 1000 කට වැඩි ප්‍රමාණයක් එහි සිටි බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ප්‍රහාරයෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව නිශ්චිත වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

ප්‍රහාරයෙන් අදාල කලාගාරයට දැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

කලාගාරය තුළ කුඩා දරුවන් රැසක් රැඳී සිටින බව රුසියානු භාෂාවෙන්, කලාගාරයෙන් පිටත ගුවනට පෙනෙන සේ සටහන් කර තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ හේතුවෙන් මෙම ප්‍රහාරය පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා එල්ල කර ඇති අවස්ථාවකයි රුසියාව මෙම ප්‍රහාරය එල්ල කරන්නේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ බදාදා දිනය තුළ මයුරිපෝල් නගරයේ කිසිදු ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල නොකළ බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...