තෙල් පෝලිම් ඉවරයි, කොළඹ හැම ෂෙඩ් එකටම එක බවුසරේ ගානෙ දුන්නා – ලොකුගේ

Date:

මේ වනවිට කොළඹ නගරයේ ඉන්ධන පෝලිම් අවසන්වෙමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත්ව සිදු නොවූ බැවින් පෝලිම් ක්‍රියාත්මක වූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් හා පෙට්‍රල් තොග තිබෙන බැවින් තවදුරටත් ජනතාව පෝලිමේ තැබීමට කටයුතු නොකරන බවද ඇමතිවරයා පවසනවා.

කොළඹ නගරයේ සියලුම ඉන්ධන හල් වෙත ඩීසල් හා ප්‍රෙටල් තොග ලබාදීම ආරම්භ කර ඇති බවත්, දහවල් වනවිටත් සැළකිය යුතු ඉන්ධන හල් ප්‍රමාණයක් වෙත ඉන්ධන තොග නිකුත් කර ඇති බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා.

මේ වනවිට තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවා ඇති අතර එම නෞකාවේ ඩීසල් තොග හෙට දිනයේදී ගොඩබෑම සිදුවන බවද ඔහු ප්‍රකාශ කරයි.

ඇමතිවරයා එසේ පැවසුවද අද දහවල් වනවිටත් කොළඹ නගරයේ බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙරහැරේ යන ප්‍රවීණ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා

කොළඹ LNW:වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යයට...

රේගුව භාරයේ රඳවා ඇති BYD වාහන ගැන ගත් අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු...

සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

කොළඹ LNW: 2014 - 2017 කාලයේ සබරගමුව පළාත් මහ...