හමාස්- ඊශ්‍රායල් යුද්ධයට මාස හයයි; නෙතන්යාහුට ඉල්ලා අස්වෙන්න කියමින් ආණ්ඩු විරෝධී රැළි රට පුරා

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 07,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ඔක්තෝබර් 7 ඊශ්‍රායේ සිවිල් වැසියන් 1,200 කට මාරු කැඳවන ලද හමාස් ප්‍රහාරය සිදුවී මාස හයක කාලයක් ගතවන විට ඊශ්‍රායල වැසියන් දස දහස් ගණනක් ටෙල්අවිව් හා තවත් ස්ථාන 50ක පමණ ආණ්ඩු විරෝධී පෙළපාලි ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රාණ ඇපකරුවෙකු වූ Elad Katzir ගේ සිරුර පසුගිය දා සොයා ගැනීමෙන් පසුව ටෙල් අවිව් සහ අනෙකුත් නගරවල රැලි ඇති විය. ජනවාරි මාසයේදී නිකුත් කරන ලද ප්‍රාණ ඇපකරුවන් වීඩියෝවක ඔහු ජීවමාන ලෙස පෙනී සිටි අතර හාමාස් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 130 දෙනා තවම නෙතන්යාහුගේ රජයට නිදහස් කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් විරෝධකරුවන් මෙහිදී සිය කනස්සල්ල ප්‍රකාශ කරන ලද අතර අගමැති නෙතන්යාහු ඉල්ලා අස්විය යුතු යැයි බල කරන ලදී.

ඊශ්‍රායල ගණන් බැලීම්වලට අනුව හමාස් ප්‍රහාරයේදී ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 253 දෙනෙකු අල්ලාගෙන ඇත. ඉන් පැහැර ගැනීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් 129 ක් පමණ ගණන් නොගෙන සිටිති. ඔවුන්ගෙන් අවම වශයෙන් 34 දෙනෙකු මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ. මළ සිරුරු 12ක් IDF විසින් සොයා ගෙන ඇත.

ගාසා තිරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේවන විට 33,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමයින් වන බවයි බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද (28) උදෑසන,...

ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා...

හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පොතුහැර ප්‍රදේශයේදී සිදුව...

Celebrity Buzz: දැනට හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය තරු කිහිපයක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...