මත්පැන්හල් වැසෙන්නේ මෙහෙමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදීම හේතුවෙනි.

තවද, බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වැනිදා ද දිවයින පුරා පිහිටි මත්පැන්හල් වසා තැබෙනු ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ අනුව, මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතව ඇත.

ඒ සඳහා වන යෝජනාව බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ. එමෙන් ම අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන ද වසා තැබෙනු ඇති බව ද දැනුම්දී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...