මත්පැන්හල් වැසෙන්නේ මෙහෙමයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): දිවයින පුරා පිහිටා ඇති මත්පැන්හල් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදීම හේතුවෙනි.

තවද, බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වැනිදා ද දිවයින පුරා පිහිටි මත්පැන්හල් වසා තැබෙනු ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

එහි සමාරම්භක උළෙල හා සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දි හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රි සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ අනුව, මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට නියමිතව ඇත.

ඒ සඳහා වන යෝජනාව බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ. එමෙන් ම අදාළ දිනවල දී සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන ද වසා තැබෙනු ඇති බව ද දැනුම්දී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...