Orsk නුවර වේල්ලක් හදිසියේම පුපුරා යයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕර්ස්ක් නුවර, රුසියාවේ කසකස්තාන දේශසීමාව අසල පිහිටි වේල්ලක් හදිසියේම පුපුරා යෑමෙන් නිවාස හයදහසකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වේල්ල පුපුරා විශාල ජල කඳ ඕර්ස්ක් නුවර යට කරද්දී ආපදා සේවකයන් පුද්ගලයන් හාරදහසකට අධික පිරිසක් මුදා ගැනීමට සමත් වී ඇති අතර, ඔවුන් අතර කුඩා දරුවන් දහසක් පමණ සිටි බවත් වාර්තා වේ.

රුසියාවේ CTV පුවත් සේවය වාර්තා කළේ, අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන් 336 දෙනකු ඇතුළුව පුද්ගලයන් 1164 දෙනකු වහාම ඉවත් කිරීමට පියවර ගත් බවයි.

පසුගිය දින ගණනාවක් පුරා ඕර්ස්ක් නුවරට දැඩි වර්ෂාපතනයක් ඇද වැටී ඇති අතර, නියමිත ජල ධාරිතාව ඉක්මවා යෑමෙන් ඇති වූ පීඩනය වේල්ල පුපුරා යෑමට හේතුව බව වාර්තා වේ. ඕර්ස්ක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...