ඉස්ලාම් ආගමික රැඳවියන්ටත් රාමසාන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් 2024.04.11 දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන්, අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව පවසයි.

සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇත්තේ, ඉස්ලාම් ආගමික සිරකරුවන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමටයි.

2024.04.12 හා 13 දිනට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් සඳහා 2024.04.12 හා 13 දින දෙක තුළ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත,

ඒ අනුව,රැඳවියන්ගේ ඥාතීන් විසින් තම නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට සියළුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...