බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !

Date:

මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.

ඒ අනුව දින නියමයකින් තොරව තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව ඔහු සඳහන් කරනවා.

තෙල් පිරිපහදුව වසා දැමුවහොත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය තවත් වටයකින් තීව්‍ර වන අතර භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන පවා ආනයනය කිරීමට සිදුවනු ඇත. මීට අමතරව තෙල් පිරිපහදුව වසා දැමීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන දැවිතෙල් මෙට්‍රික් ටොන් 2000 ක ප්‍රමාණයක් අහිමි වන බවත්, ඒ අනුව විදුලි නිෂ්පාදනය තවදුරටත් සීමා කිරීමට සිදුවන බවත් ආනන්ද පාලිත මහතා පවසනවා.

තෙල් පිරිපහදුව වසා දැමුවද වරින් වර නඩත්තු කටයුතු සිදු කිරීමට සිදුවන බැවින් ඒ සඳහා සේවකයන්ට අතිකාල ගෙවීමටද සිදුවන බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා පවසන්නේ එය දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ඛනිජ තෙල් සංස්ථාවට අමතර බරක්ද වනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...