ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි – කාලගුණ නිවේදනය

Date:

ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

අද රාත්‍රී :

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

හෙට දින :

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

එසේම, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල්...

ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් බදුල්ලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: ELLA WEEKEND EXPRESS නමින්...