හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් ඊයේ (12) අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ය.
මෙම ධීවර යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.
අත් අඩංගුවට ගත් පිරිස සහ ධීවර යාත්‍රා දෙක ගාල්ල වරයා වෙත රැගෙන ඒමටත් එහිදී යාත්‍රා දෙක නැවත පරීක්ෂා කිරීමටත් නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
RN