ජාතික සුරංගනා අරමුදල – අජිත් පැරකුම් ජයසිංහ

0
964

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න.

එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්.

යන්න එපා අම්මෝ අයිඑම්එෆ් එහෙම
කරන්නෙ උන් කියන දේ අයියෝ අපි කොහොම
අයිඑම්එෆ් කැරලි ඇති වෙයි මේම මේම
පට් පට් ගාලා දෙන්නද විසඳුමක් මම

සොයාගනිමු අතපය නැති ‘කොටෙක්ව’
මල්වත්තක තියමු රැකවලට ඔහුව
හඳ පෑයූ රැයක සුරඟන රඟ පෑව
උගුලක් මලක අටවා අල්ලනු උන්ව

හොඳ තර සුරඟනක් අල්ලා ගත යුතුය
බංඩාගාරයේ ඇය සිරකළ යුතුය
ගුදයට යෝනියට පොලු බැස්සිය හැකිය
නැතිනම් චෙක්වලට අත්සන් කළ යුතුය

බඩු ඇති තරම් ආනයනය කරගනිමු
කාබී නටා කවි ලියමින් සතුටු වෙමු
වැට් ඉන්කම් පේයී ටැක්ස් හෙම නොදෙමු
අප රකිනා සිස්ටම් එක අපි රකිමු

දියුණු කරන එක රට හරි සිම්පල්ය
මෙහෙම සරල ක්‍රමවත් මුන් දන්නැතිය
ජංගි මහන ගාමන්ට් ෂට් ඩවුන්ය
හවුස්මේඩ් අපනයනය තහනම්ය

රට නංවන්න කළ යුත්තේ වර්ජනය
රජයේ සේවයට වැඩි පඩි දිය යුතුය
රුචි නම් වැඩකරන්නත් ඉඩකඩ ඇතිය
රස්සා කෝටියක් රජයෙන් දිය යුතුය

දුප්පත්කම මෙහෙමයි නැති කරන්නේ
සහනාධාර අත දිග හැර පුදන්නේ
ධනපති රජය ඇයි ඒ ලෙස නොකරන්නේ
ඇයිදැයි අනේ මට නම් නෑ තේරෙන්නේ

පෙරටුගාමි රජයක් පත්කරගනිමු
සුරංගනාවගෙ දත් ගලවා ගනිමු
ලංකට් එක දක්වා දේ නිකං දෙමු
පපුවට ලේ බහිනකල් අපි කවි කියමු

W3lanka

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here