යුපුන්ගේ අලුත් අවුරුදු තෑග්ග වාර්තාවට තත්පර .03 ක් අඩු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 14, කොළඹ (LNW): ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලෝලීන්ට උදා වූ සිංහල දෙමළ නව වසරට සතුටු විය හැකි ජයග්‍රහණයක් ලබා දෙන්නට යුපුන් අබේකෝන් සමත් වුණා.ඒ ෆ්ලොරන්ස් හී පැවති කෙටි දුර දිවීමේ සූරතාවලියේ දී මිටර් 150 ඉසව්ව ජයග්‍රහණය කරමින්.තරගකාරීව යළිත් කෙටි දුර ධාවන පථයට ගොඩ වෙන යුපුන් එහි පළමු සැමරුම ජයග්‍රහණයකින් නිමා කිරීමට සමත් වුණ අතර එහිදී යුපුන් ගත කළ කාලය තත්පර 15.19 ක් ලෙස සටහන් වුණා.


යුපුන් මීට පෙර මෙම ඉසව්වේ ආසියානු වාර්තාව තැබීම සඳහා වාර්තා කළ කාලය වන තත්පර 15.16 ක කාලයට තත්පර 0.03 ක අඩුවෙන් ධාවනයේ යෙදෙමින් දැක් වූ මේ දක්ෂතාවය තරග පිටියට පිවිසෙමින් පළමු ජයග්‍රහණයේදීම වාර්තා කිරීමට හැකිවීම අනාගතය ගැන බලාපොරොත්තු ඇති කිරීමක් වුණා.යුපුන් තත්පර 15.16 ක වාර්තාව තැබුවේද අප්‍රේල් මාසයකදී වන අතර ඒ 2022 අප්‍රේල් 24 වන දා යි.


ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඊ කාණ්ඩයේ තරගාවලියක් වන මේ තරගාවලියේ මීටර් 150 ඉසව්වවේ තරග තුනක් පැවති අතර එම තරග තුනේම හොඳම කාලය යුපුන් අබේකෝන් සතු වුණා.


මේ සමඟ තරගයේ ප්‍රතිපල සටහන ද දැක්වෙනවා.තරගයේ දෙවන ස්ථානය දිනුවේ ඉතාලිය නියෝජනය කරන අලි චිත්රූ යි.
යුපුන් තරග ආරම්භයේදී ප්‍රතිචාර දැක්වීමේ දී අලි ට පහතින් සිටියත් තරග අවසානය වන විට ඔහුව අභිබවා යමින් තරගයේ ජයග්‍රාහකයා බවට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...