(VIDEO):සැකයක් නැහැ ජන්දය තියෙනවා.ජනතාවට අල්ලස් දෙන්නත් පටන් අරන් – පැෆරල් වෙතින් චෝදනා!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව අවිනිශ්චිත බවක් ප්‍රකාශ කළද ආණ්ඩුව එය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවබෝධයෙන් පසුවන බව පෙනෙන්නට ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (16) වෙත අදහස් දක්වමිනි.

ජූලි මාසය අවසන් වීමට පෙර සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට උපදෙස් දීම, ඉඩම් බෙදා දීම,රැකියා දීම වැනි වැඩසටහන් සමඟ මැතිවරණය වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට අල්ලස් ලබා දෙමින් සිටින බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

සංවර්ධන කටයුතු කිරීම සඳහා ආණ්ඩුවට ඉඩ ඇතත් මේ මොහොතේ සිදුකරන දේවල් මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන බව කිව හැකි බවයි ඔහු පැවසුවේ.

මේ අතර මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවද හෙට්ටිආරච්චි මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...