*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මඩකලපුව වාකරේ මාංගේනි ප්‍රදේශයේ තමා සතු ඉඩම සම්බන්ධයෙන් පළවන වැරදි ප්‍රචාරවලට ඉඩම් හිමිකරු කරුප්පයියාපිල්ලේ රාජනායගම්ගෙන් පිළිතුරු!

අප්‍රේල් 16, කොළඹ (LNW): මඩකලපුව වාකරේ මාංගේනි ප්‍රදේශයේ තමා සතු ඉඩම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල වැරදි තොරතුරු ප්‍රචාරයවන බව එම ඉඩමේ හිමිකරු වන කරුප්පයියාපිල්ලේ රාජනායගම් මහතා පවසයි.

මෙම ඉඩම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව පැතිරී යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඉඩමේ හිමිකරු ලෙස තමා ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්  කරුප්පයියාපිල්ලේ රාජනායගම් මහතා අවධාරණය කළේය.

මාංගේනි ප්‍රදේශයේ පිහිටි තම ඉඩම සම්බන්ධයෙන් පවතින ව්‍යාකූලත්වය පිළිබඳව LNW වෙත කරුණු පැහැදිලි කරමිනුයි හෙතෙම මේ බව පවසා සිටියේ.

මෙම ඉඩම වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කරගෙන ඇති බවත්, එය නැවත පවරා දීම සඳහා රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා සිටින බවත්, මේ පිටුපස නැගෙනහිර ආණ්ඩුකාරවරයාට සම්බන්ධ පිරිස් සිටින බවටත් ඇතැම් මාධ්‍යවල වාර්තා පළවී තිබිණි.

නැගෙනහිර පළාතේ දේශපාලන යකැදුරන් බවට පත්ව සිටින, ඩීල් දේශපාලනය කරන ඇතැම් පිරිස් කොමිස් මුදල් වෙනුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර මාධ්‍ය වෙත ලබා දෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කළ LNW සෘජුවම ඉඩම් හිමි කරුප්පයියාපිල්ලේ රාජනායගම් මහතා ඇමතූ විට ඔහු කළේ මෙවන් පැහැදිලි කිරීමකි. 

මාංගේනි මධ්‍ය ග්‍රාම සේවක වසමේ මගේ අක්කර 40ක ඉඩම 1986 යුද්ධය පැවති සමයේ හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා එවකට ප්‍රාදේශීය ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පවරා ගත්තා. එහි හමුදා කඳවුරක් පිහිටුවන බව මට ලිඛිතව දැනුම් දුන්නා. 1987 දී එහි විවෘත කළා.” 

(එහි ලේඛන අමුණා ඇත) 

“ඉන්පසු ඉන්දීය හමුදා මෙහෙයුමේදී මගේ ඉඩමේ තිබූ පොල් ඇතුළු ගස් කපා විනාශ කරා. ඉඩම ආපහු ගන්න මට කිසිම දෙයක් කරන්න බැරි වුණා.

කෙසේ වෙතත් දැන් යුද්ධය අවසන් වී සාමය උදාවී ඇති බැවින් මඩකලපුව දිස්ත්‍රික්කයේ අත්පත් කරගත් ඉඩම් බොහෝමයක් ඒවායේ අයිතිකරුවන්ට පවරා දී ඇති නිසා හමුදාවෙන් මට ආපසු ලබා දුන් මගේ ඉඩමේ මම ගොවිතැන් කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙම ඉඩම දැනටමත් මගේ පරිහරණයේ පවතින බැවින් එය දීර්ඝ කරන ලෙස නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා හරහා අවසර ලබාගෙන තිබෙනවා.

දැන් මේ ඉඩම මට අයිතියි. ඉඩම් අත්පත් කර ගැනීමට හෝ අල්ලා ගැනීමට කිසිවෙකු මෙහි පැමිණියේ නැහැ.”

මේ ඉඩම පෙන්වා කප්පම් ගැනීම පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ මෙවැන්නකි:

“මට මගේ ඉඩම පෙන්නලා තවකෙකුගෙන් කප්පම් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ම මගේ ඉඩම වෙනුවෙන් මට කාටවත් කප්පම් දෙන්න අවශ්‍ය නැහැ” යනුවෙන් ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි විමසූ විට;

“කවුරු හරි ඉඩමට අනවසරයෙන් ඇතුළු වුණොත් අපිට පොලිස් වාර්තාවක් දාන්න පුළුවන්.ඒත් මගේ ඉඩමට කවුරුවත් අනවසරයෙන් ඇතුළු වෙලා නැහැ.. මාධ්‍යවල පළවුණු වාර්තාව වැරදියි. ඉඩම තිබෙන්නේ මගේ පාවිච්චියේ. මම වවන්න පටන් ගන්න බලාගෙන ඉන්නවා. කෘෂිකාර්මික කටයුතු සහ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳව නැඟෙනහිර පළාත් ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී අප වෙත ලැබුණු තොරතුරු පහත පරිදි වේ:

2023 මැයි 17 වන දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මහතා වැඩ භාර ගැනීමෙන් පසු කෙටි කාලයක් තුළ නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පවුල් 8196 කට ඉඩම් බලපත්‍ර සහ ඉඩම් ඔප්පු ලබා දී ඇත.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ වසර 30 – 40ක කාලයක සිට මෙම සියලු පවුල් ඉඩම් ලියකියවිලි නොමැතිව දුෂ්කරතාවට පත්ව සිටින බවත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ කඩිනම් සේවය තුළින් මෙම විපතට පත් පවුල්වලට ඉඩම් සහතික ලබාදීමට හැකි වූ බවත්ය.

මෙවන් ක්‍රියාකාරකමක් වෙනත් කිසිම පළාතක දැකිය නොහැකි බවත්, නැගෙනහිර පළාතේ දහස් ගණනකට ඉඩම් බලපත්‍ර සහ ඔප්පු කෙටි කාලයක් තුළ දී ලබාදුන් බවත්, ආණ්ඩුකාරවරයාගේ දක්ෂ පරිපාලනය නිසා මෙය කළ හැකි වූ බවත් එම නිලධාරියා අප වෙත පැවසුවේය.

මෙම ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට හේතුව කුමක්දැයි LNW අපි මඩකලපුව දිස්ත්‍රික් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියෙමු.

නැඟෙනහිර ආණ්ඩුකාරවරයා තම බලතල නිසියාකාරව භාවිතා කරමින් ඉඩම් බලපත්‍ර නිකුත් කර, අනවසර ඉඩම් මාෆියාවට තිත තැබූ නිසා ඉඩම් කොල්ලකරුවන් අමාරුවේ වැටී ඇති බවට පැහැදිලි විය.

එවැනි පුද්ගලයන් මඩකලපුව දිස්ත්‍රික් ඉඩම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සහ කටකතා පතුරවන බවයි ඇතැම් නිලධාරීන් අප වෙත පැවසුවේ.

විශේෂයෙන්ම ඊරෝස් ප්‍රභා (රාජනායගම් ප්‍රභාකරන්), ඇතැම් රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්, සකස්කළ ව්‍යාජ ලියකියවිලි, සහ තවත් අය රවටා කොල්ලකෑමට කළ කුමන්ත්‍රණ ආදී තම වංචා වසා ගැනීමට, අන්තර්ජාලයේ අසත්‍ය අදහස් පළකිරීමට කටයුතු කර තිබෙන බව අපට වාර්තා විය. 

මේ සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට ඉහත පැවති මාධ්‍ය හමුවකදී ඊරෝස් ප්‍රභා ගේ දෙවන බිරිඳ කුසු ඔහු විසින්කළ වංචා පිළිබඳ කරුණු අනාවරණයකළ බව ද ඔවුහු පැවසූහ.

මඩකලපු ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනතාව රවටා අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජීවත් වන්නේ ඊරෝස් ප්‍රභා සංවිධානයේ අය බවත් දෙමළ ජනතාව එවැනි අසත්‍ය කතා නොසලකා හැරිය යුතු බවත් එම රාජ්‍ය නිලධාරීහු අවධාරණය කළහ.

නැඟෙනහිර පළාතේ ජීවත්වන සෑම ජාතිකත්වයකම ජනතාව ආදරයෙන් වැළඳ ගනිමින් කාර්යක්ෂමව, නිර්භීතව සහ අපක්ෂපාතීව කටයුතු කරන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාට ඊරෝස් ප්‍රභා වැනි කුරු නරියන්ගේ නරි නාටක වලංගු නොවන බව ද ඔවුහු පැවසූහ.

ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් හඳුනාගෙන නැගෙනහිර පළාතේ ඉඩම් මාෆියාව තුරන් කිරීමට ආණ්ඩුකාරවරයා නීතිමය පියවර ගනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.

නැගෙනහිර පළාතේ මෙතෙක් නිකුත් කර ඇති ඉඩම් බලපත්‍ර සහ බලපත්‍ර සම්බන්ධ තොරතුරු පහතින්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan