සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 17, කොළඹ (LNW): ලබන සිකුරාදා (19) දිනයේදී, අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඊයේ (16) දිනයේදී , එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබිණි.
මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව සඳහන් වේ.