පොදු රද උළෙලට සුදුසුකම් ලබන තරගවලදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළට

Date:

එංගලන්තයේ බර්මින්හැම් හී දී පැවත්වෙන පොදු රාජය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ වෙරල වොලිබෝල් තර/නියෝජනය කරන ආසියානු කලපීය කණ්ඩායම් තීරණය කරන තරගාවලියක් ලෙස මාර්තු 18 සහ 19 යන දෙදින තුළ මීගමු වෙරළ තීරයේ පැවත්වෙන තරගවල පළමු දිනය නිමාවේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග්‍රාහී තත්ත්වයක පසු විය.

මෙහිදී බීච් වොලිබෝල් තේරීම් කමිටුව මෑතක පැවති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ හොඳින්ම දක්ෂතා දැක් වූ කණ්ඩායම් වෙනස් කරමින් වෙනස් සංයුතියක් නිර්මාණයට පෙළමී තිබුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස එම තරගාවලියේ සුරතාවය දිනූ කාන්තා කණ්ඩායමේ දිනේෂා ප්‍රසාදිනිගේ තැනට එහි තෙවන ස්ථානය දිනූ කණ්ඩායමේ චතුරිකා මධුශානි කැඳවා තිබිණ.ඒ අනුව මධයම ආසියානු තරගාවලියේ රන් පදක්කම දිනූ දිනේෂා සහ දීපිකා බණ්ඩාර අතරින් දීපිකා පමණක් මෙම තරගයට සහභාගිවන ජාතික කණ්ඩායම නියෝජනය කරන්නිය.
පිරිමි මධයම ආසියානු තරගාවලියේ දී කැපී පෙණුන අංජන සංදිපන සහ සඳුන් මධුශංක යන දෙදෙනාම ඉවත් කර ඇති අතර අවසාන පූර්ව වටයට පිවිසි කණ්ඩායමේ සිටි අශේන් රශ්මික සහ අසාර්ථකම කණ්ඩායම වූ ශ්‍රී ලංකා අංක දෙක කණ්ඩායම නියෝජනය කළ මලින්ත යාපා මෙම තරගයේදි එක්ව ජාතික කණ්ඩායම නියෝජනය කරති.මේ තේරීම්වලට විරුද්ධව දිනේෂා ප්‍රසාදිනි නියෝජනය කරන ලද ගුවන් හමුදා කණ්ඩායම සංචිතයෙන් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීමට ගත් උත්සාහය නැවත්විමට ගුවන් හමුදාපතිවරයාට පවා මැදිහත් වන්නට විය.

ඒ නිසා මේ තේරිම් තරගාවලිය සහභාගිවන කණ්ඩායම් සාමාජිකයන්ට මෙන්ම තේරිම් කමිටුවේ ආත්ම ගෞරවයටද බෙහෙවින් වැදගත් තරගාවලියක් වන අතර ඊයේ දිනයේ දී එය යම් මට්ටමකට රැක ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙන්ම ක්‍රීඩිකාවෝද පියවර ගත්හ.ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය සහභාගි වූ තරග දෙකම ජයගත්තේ තරග වට 2-0 ක් ලෙස ය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මැලේසියානු කණ්ඩායම විසින් එල්ල කළ පීඩනය ඉදිරියේ තරගය ජය ගන්නට වට 3 ක් ම ගෙවා දමන්නට සිඳු වූ අතර එය ලකුණු 21-15, 20 – 21 සහ 15 -10 ක් ලෙස වට 2- 1 ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අත්වෙමින් නිමාවට පත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මාල දවයිනට එරෙහිව තරගය 21 – 18 සහ 21 – 15 ක් ලෙස ජයගත් අතර මැලේසියානු කණ්ඩායමෙන් එල්ල වූ පිඩනය මැඩ ගෙන එම තරගයද 21 – 16 ක් සහ 21 – 15 ක් ලෙස නිමා කරන්නට සමත් විය.කෙසේ වුව ද ඊයේ දවස පුරා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක මෙන්ම සිංගප්පූරු පිරිමි සහ කාන්තා කණ්ඩායම් ද අපරාජිත බව රැකගෙන සිටින බැවින් අද දිනයේදී සිංගප්පූරු පිරිමි කණ්ඩායම වන හාවෝ කින්ග්ස්ලි සහ රේ මෙන්ග් ට්‍රෙවින් ඉදිරියේ මලින්ත යාපා ට සහ අශේන් රශ්මිකට විශාල අභියෝගයක් එල්ලවනු ඇතැයි සිතිය හැකිය.එසේම ඊයේ දිනයේදී මැලේසියානු ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එල්ල කළ ආකාරයෙන්ම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට ද පීඩනයක් ඇති කළ අතර එය මැඩ අවසානයේ සිංගප්පූරුවේ හුන් හුයි එලීසා සහ වෙයි යූ එම තරගය ලකුණු 22 – 20, 16 – 21 සහ 15 – 10 ක් ලෙස ජය ගත්හ.ඒ නිසා අද එලීසා සහ වෙයි සමඟ දීපිකා ගේ සහ චතුරිකාගේ හමුව ද විශාල තරගකාරි මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...