ඉරානය සමඟ ගනුදෙනුව පරෙස්සමෙන්; ඇමරිකාව පකිස්ථානයට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අද(24)දිනයේ නිමා වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින පකිස්තානු සංචාරයෙන් අනතුරුව පකිස්ථානයට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.

ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනු ගැන සලකා බලන ඕනෑම කෙනෙකුට සම්බාධක පැනවීමේ අවදානම පිළිබඳව දැනුවත් වන ලෙස එක්සත් ජනපදය උපදෙස් දෙන බවයි.

එක්සත් ජනපදයේ මෙම ප්‍රකාශයත් සමඟ විදේශ ප්‍රතිපත්ති විශේෂඥ මුහම්මද් ෆයිසාල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදයේ සම්බාධක පිළිබඳ තර්ජන හුදෙක් පාකිස්තානය අධෛර්යමත් කිරීමට හේතුවන බවයි.

වසර අටකට පසු දකුණු ආසියානු රටට පැමිණි පළමු ඉරාන ජනාධිපතිවරයා වන රයිසි ඉදිරි වසර පහ තුළ ද්විපාර්ශ්වික වෙළඳාම වසරකට ඩොලර් බිලියන 2 සිට ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන බවට පොරොන්දු වී ඇති අතර පකිස්තානු විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබුණේ, විදුලිබල වෙළඳාම, විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ ඉරාන-පකිස්තාන ගෑස් නල මාර්ග ව්‍යාපෘතිය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...